Monthly Archives: පෙබරවාරි 2011

කිතුණුවකු යනු කව්ද?

වෙබිස්ටර් අකාරාදියේ (ශබිදකෝෂයේ) කිතුණුවකු හඳුන්වන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස අදහාගත්තාවූ හෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීම මත පදනම්වූ ආගම අදහන පුද්ගලයෙකු ලෙසය. කිතුණුවකු කව්ද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙම නිර්වචනය හොඳ ආරමිභයක් වුවද අන් බොහෝ ලෞකික අර්ථ කථනයන් මෙන් මෙයද “සැබෑ කිතුණුවකු වීම කිමෙක්ද” යන්න පිළිබඳව ශුද්ධ බයිබලීය සත්‍යය අනූන ලෙස සංනිවේදනය කරන බව පෙනේ. 

කිතුණුවා යන පදය නව ගිවිසුමේ (ක්‍රියා 11: 26, ක්‍රියා 26 : 28, 1 පේත්‍රුස් 4 : 16) තෙවරක් සඳහන් වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්(ශ්‍රාවකයන්)ප්‍රථම වරට “කිතුණුවන්” ලෙස හැඳින්වූයේ අන්තියෝකියේ දීය (ක්‍රියා 11 : 26) එසේ කරන ලද්දේ ඔවුන්ගේ හැසිරීම, ක්‍රියා කාර කම් සහ කථනය බොහෝ දුරට ක්‍රිස්තුස් වහන්සේට සමාන වූ හෙයිනි. අන්තියෝකියේ නොඇදහිලිවතුන් විසින් ප්‍රථමයෙන් භාවිතා කරනු ලැබුවේ කිතුණුවන් හාස්‍යයට ලක් කරමින් විකට නාමයක් ලෙසිනි. වචනානු සාරයෙන් එහි අර්ථය වුයේ ක්‍රිස්තුස් වහන්සේගේ පක්‍ෂයට අයත් හෝ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් යනුයි. වෙබිස්ටර් අකරාදියේ (ශබිදකෝෂයේ) අර්ථයට මෙය බෙහෙවින් සමානය. 

අභාග්‍යයකට මෙන් කාලයාගේ ඇවෑමෙන් “කිතුණුවා” යන පදයේ වැදගත් කම බෙහෙවින් හීනවී ගොස් දැන් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ ආගමික හෝ උසස් අධ්‍යාත්මික ගුණාංගයෙන් හෙබි අයකුට විනා නව උත්පාදනය ලැබූ සැබෑ කිතුණු අනුගාමිකයකු සඳහා නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සැබෑ ලෙස නොඅදහන විශ්වාස නොකරන බොහෝ අය කිතුණුවන් ලෙස හඳුන්වනු ලබන්නේ ඔවුන් දේවස්ථාන කරා යන නිසා හෝ කිතුණු දේශයක වසන නිසාය. එහෙත් දේවස්ථානයට යෑමවත්, තමන්ට වඩා අභාග්‍ය සමිපන්න අයට සේවය කිරීමවත්, යහපත් පුද්ගලයෙකු වීමවත් ඔබව සැබෑ කිතුණුවකු නොකරයි. එක් එවැන්ජලිස්ත වරයකු (ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙක්) ප්‍රකාශ කළ පරිදි යම්අයකු වාහනයක් සෑදීම සඳහා නොනවත්වා ගරාජයකට යෑම මෙන් දේවස්ථානයට යෑම ඔහු කිතුණුවකු ද නොවන්නේය කියා. දේවස්ථානයේ සාමාජිකයකු වීමත්, දේව මෙහෙයට නිතිපතා යෑමත්, සභාවේ වැඩ උදෙසා දායක වීමත් ඔබ සැබෑ කිතුණුවකු නොකරයි. 

ශුද්ධ බයිබලය අපට උගන්වන පරිදි අප කරන යහපත් ක්‍රියා කරණකොටගෙන පමණක් දෙවියන් වහන්සේ අපව පිළිගන්නේ නැත. තීතස් 3 : 5 අපට ප්‍රකාශ කරනවා “අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨ කමේ ක්‍රියා වලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්ම යාණන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන් වහන්සේ අප ගැළවූ සේක”. එම නිසා කිතුණුවා යනු දෙවියන් වහන්සේ විසින් නැවත උත්පාදනය කරන ලද (යොහන් 3 : 3, 3 : 7, 1 පේත්‍රැස් 1 : 23) තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබූ අයකි. එපීස 2 : 8 අපට ප්‍රකාශ කරනවා “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය”. සැබෑ කිතුණුවකු යනු තම පව් ගැන පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තම ඇදහිල්ල තැබූ අයෙකි. ඔවුන්ගේ විශ්වාසය වූ කලී, ආගමක් අනුගමනය කරීමවත්, සදාචාර නීති මාලාවක් පිළිපැදීමවත්, ක්‍රියාත්මක කළ හැකි / නොහැකි ලේඛනයක් මතවත් පදනම්කරගෙන නොවේ. 

සැබෑ කිතුණුවකු යනු තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබුවවූද, පාපයේ මිලය වෙනුවෙන් උන් වහන්සේ කුරුසිය මත පූජාවී මරණය ජය ගෙන තුන්වෙනි දින ජයග්‍රාහිකව නැවත උත්ථානයවී, උන් වහන්සේ අදහන සියල්ලන්ට සදාකාල ජීවනය ලබා දෙන්නාවු සත්‍යය විශ්වාස කරන අයෙකි. යොහන් 1:12 අපට ප්‍රකාශ කරනවා “යම්පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම්උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක”. සැබෑ කිතුණුවකු යනු සැබවින්ම දේව දරුවකු වන අතර, දෙවියන් වහන්සේගේ සැබෑ පවුලට සමිබන්ධ වීමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේට තම අලුත් ජීවිතය කැප කිරීමෙන්ය. දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවකුගේ ලක්‍ෂණය වන්නේ අන්‍යයන් උදෙසා ප්‍රේමය දැක්වීමත්, දේව වචනයට කීකරු වීමත්ය (1 යොහන් 2 : 4, 1 යොහන් 2 : 10).

ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට උත්තරය නම් ශුද්ධ බයිබලයේ සම්භාවනීය (උසස්) පාඨය යොහන් 3 : 1-21. පරිසිවරුන්ගෙන් කෙනෙක්වූද, යුදෙව්වරුන්ගෙන් ප්‍රධානියෙක්වූ නිකදේමුස් සමඟ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කථා කරමින් සිටිසේක. නිකදේමුස්ට යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට ඇති බැවින් ඔහු එක් රාත්‍රියක උන් වහන්සේ වෙතට පැමිණියා.

යේසුස් නිකදේමුස් සමඟ කථා කරමින් සිටියදී උන් වහන්සේ ඔහුට ප්‍රකාශ කලා “යමෙක් අලු‍තන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකි යයි කීසේක”. නිකදේමුස් උන් වහන්සේට කථා කොට “මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්නට පුලුවන් කොහොමද? දෙවෙනි වර මවු කුසට ඇතුල්ව උපදින්නට පුලුවන් දැයි ඇසීය”? යේසුස් වහන්සේ උත්තර දෙමින් “සැබෑවක් නුඹට කියමි, යමෙක් වතුරෙන්ද, ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්ට බැරිය. මාංසයෙන් උපදිනදේ මාංසයය, ආත්මයාණන්ගෙන් උපදිනදේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්නට ඕනෑයයි මා කීවිට පුදුම නොවන්න…”(යොහන් 3 : 3-7)

“නැවත උපන්” වාක්‍ය ඛණ්ඩය වචනානුසාරයෙන් තේරුම නම් “ඉහල සිට උපන්”. නිකදේමුස්ට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා. එනම්, ඔහුගේ හදවත වෙනස් කර ගැනීම සහ ආධ්‍යාත්මීක විපර්යාසයක් සඳහා. අළුත් ඉපදීම නම් සදාකාලික ජීවිතය ගැන විශ්වාස කරන්නාට දෙවියන් වහන්සේගේ ක්‍රියාව බෙදා දීමකි 2 කොරින්ති 5 : 17; තීතස් 3 : 5; 1 පේත්‍රැස් 1 : 3; 1 යොහන් 2; 29; 3 : 9; 4 : 7; 5 : 1-4, 18 යොහන් 1 : 12, 13 පෙන්වා දෙනවා “නැවත උපන්” හැඟීම ගෙන දෙනවා සහ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි අදහාගන්නෝ උන් වහන්සේගේ දරුවන් වන බව.

තර්කානුකුල ප්‍රශ්නයක් පැන නගිනවා “නැවත ඉපදීමක් යම් පුද්ගලයෙකුට අවශ්‍ය ඇයි කියා”? ධර්ම දූත පාවුල් තුමා එපීස 2 : 1 පවසනවා “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන් වහන්සේ නුඹලා ජීවත් කළ සේක”. රෝම වාසීන් වෙත රෝම 3 : 23 ධර්ම දූතයා ලියූ පරිදි මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. එම නිසා කෙනෙකුට තමන්ගේ පාප වලට සමාව ලබාගෙන දෙවියන් වහන්සේ සමඟ සම්න්ධතාවයක් ඇති කර ගැන්ම සඳහා නැවත ඉපදීමක් අවශ්‍යයි.

කොහොමද එය පැමිණෙන්නේ? එපීස 2 : 8, 9 අපට කියනවා “මනිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරටිටුකර නොගන්න පණිස ඒක ක්‍රියා වලින් නොවේ”. යම් කෙනෙකු ගලවනු ලැබුවාද, ඔහු / ඇය නැවත ඉපදීම ලැබුවෙකි, ආත්මිකව නැවත ප්‍රාණවත්වී, නැවත ඉපදීම තුළින් දෙවියන් වහන්සේගේ දරුවෙක්වී සිටියි. යේසුස් ක්‍රිස්තුස් තුළ විශ්වාසය තබන්න, මක්නිසාද, උන් වහන්සේ අපේ පාපයට කුලියක් (දඬුවමක්) ගෙවා කුරුසිය මත මැරුණා. එය තමයි ආත්මිකව “නැවත ඉපදීම” යනු අදහස් කරන්නේ. “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය” (2 කොරින්ති 5 : 17අ).

ඔබ අපගේ ස්වාමීන්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා සැටියට කවදාවත් විශ්වාස කර නැද්ද? ඔබගේ හදවතට ශුද්ධාත්මයාණන්ට කථා කරන්නට, පෙළඹවීමට, භාජනය කරන්නට කැමතිද? එසේ නම් ඔබ නැවත ඉපදීමට අවශ්‍යයි. ඔබ අද සිට අධිෂ්ඨාන කරගෙන පශ්චාත්තාපයේ යාච්ඤාව කියවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් මැවිල්ලක් වීමට කැමතිද? “නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන්සේක. ඔව්හූ ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය” (යොහන් 1 : 12-13).

නැවත ඉපදී ඔබ යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවූම්කාරයා හැටියට පිළිගන්න කැමති නම්, මෙන්න යාච්ඤා ආදර්ශයක්. මතක තබා ගන්න මෙම යාච්ඤාව කියූ පමණින් හෝ වෙනත් යාච්ඤාවකින් ඔබ ගැලවෙන්නේ නැත. ඔබ ක්‍රිස්තුස් තුළම පමණක් විශ්වාසය තැබුවොත් පාපයෙන් ගැලවෙයි. මෙම යාච්ඤාව දෙවියන් වහන්සේට හුදෙක් ඔබගේ ඇදැහිල්ල ප්‍රකාශ කිරීමත්, ඔබ ලැබුවාවූ ගැලවීමට ස්තුති කිරීමකි. ශුද්ධ දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව් කල බවද, එයට මා දඬුවම් ලැබිය යුතු බවද දනිමි. එහෙත් යේසුස් ක්‍රිස්තුස් මාගේ පාපය දරාගෙන ඇදැහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී තිබේ. ඔබගේ අනුග්‍රහයෙන්, මාගේ පාපයන්ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම ඔබගේ අනර්ඝවූ දීමනාව වන සාදාකාලික ජීවනයටද ස්තුතියි!

ගැලවීමේ සැලසුම යනු කුමක්ද?

ඔබට බඩගිනිද? ශාරීරිකව නොව, ජිවිතයේ තව වෙන දෙයක් අවශ්‍යය බව ඔබට වැටහෙනවාද? ඔබ තුළ තවමත් සංසිඳුනේ (පැහැදුණු) නැති යමක් තිබෙනවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් වදාළා, “ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාස නොවන්නේය” (යොහන් 6 : 35).

ඔබ වියවුල්වී සිටීද? ඔබට ජීවිතයේ මාර්ගයක් සහ අරමුණක් සොයා ගැනීමට හැකියාවක් නැතිද? යමෙක් ඔබගේ ජීවිතයේ ආලෝකය නිවා දමා ඇත, එහෙත් නැවත දැල්වීමට ස්විචය සොයා ගන්නට බැරිද? එසේ නම් මාර්ගය යේසුස්ය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක” (යොහන් 8 : 12).

ඔබව ජීවිතයෙන් එලියට දමා අගුල් දමා තිබේද? ඔබ දොරටු කීපයක් සෙවිවාද? ඒ සැම හිස් තේරුමක් නැති දෙයක් වුනාද? ඔබ සාර්ථක ජීවිතයකට දොරටුවක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් ප්‍රකාශ කරනවා, “දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල් වේද, ඔහු ආරක්‍ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය” (යොහන් 10 : 9).

අන් අය ඔබව සැමවිටම අතරමං කරනවාද? ඔබගේ සම්බන්ධතාවය ඉතා නොගැඹුරු හිස් ඒවාද? අන් අය ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ වදාළා, “මම යහපත් බැටළු එ‍‍‍ඬේරාය. යහපත් බැටළු එ‍‍‍ඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය…මම යහපත් බැටළු එ‍‍‍ඬේරාය මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති” (යොහන් 10 : 11, 14).

මේ ලෝකයේ ජීවිතයෙන් පසු ඔබට කුමක් වෙයිද? කුණුවෙන දිරාපත් වන දේ සඳහා ජීවත්වී වෙහෙසට පත්වී සිටීද? නමුත් ජීවිතයට අරුතක් තිබේද කියා ඔබ අනුමාන කරනවාද? ඔබට මැරුණට පසුව ජීවත් වෙන්න ඕනෑද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ ප්‍රකාශ කළා “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසි කලෙක නොනසින්නේය” (යොහන් 11 : 25-26).

මාර්ගය කුමක්ද? සත්‍යය කුමක්ද? ජීවිතය කුමක්ද? යේසුස් නුඹට කියන සේක, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිනෙන්නේ නැත” (යොහන් 14 : 6). ඔබට දැනෙන අවශ්‍යයතාවය ආත්මික පිපාසයකි. එය පිරවීමට හැක්කේ යේසුස්ට පමණි. අන්ධකාරය ඉවත් කළ හැකකේ යේසුස්ට පමණි. යේසුස් සාර්ථක ජීවිතයකට දොරටුවයි. යේසුස් ඔබ සොයනා මිතුරා හා මඟ පෙන්වන එඬේරාය. යේසුස් මේ ජීවිතයේ හා මතු ජීවිතයෙත් ජීවනයයි. යේසුස් ගැලවීමේ මාර්ගයයි.

ඔබට බඩගිනි දැනේනේ ඔබ අන්ධකාරයේ අතර මං වී ඇති නිසාය. ජීවිතයට අරුතක් නැත්තේ ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති නිසාය. ශුද්ධ බයිබලය සඳහන් කරනවා අපි සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති බව (දේශනාකාරයා 7 : 20, රෝම 3 : 23). ඔබේ හදවතට දැනෙන හිස් කම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ නැති කමයි. අපව මවා තිබෙන්නේ දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයක් පැවැත් වීමටයි. අපේ පාප නිසා එම සම්බන්ධතාවයෙන් අපව වෙන් වී ඇත. අමතරව, අපගේ පාපය දෙවියන් වහන්සේගෙන් අප මේ ජීවිතයේදී වෙන් කරන අතර, මතු ජීවිතයෙන්ද අප වෙන් කරයි (රෝම 6 : 23, යොහන් 3 : 36).

මෙම ගැටළුව විසඳන්නේ කෙසේද? මාර්ගය යේසුස්ය. යේසුස් අපගේ පාපය උන් වහන්සේගේ කර පිට ගත් සේක (2 කොරින්ති 5 : 21). යේසුස් මැරුණේ අප නිසයි (රෝම 5 : 8), අපට උරුම ඳඬුවම ගැනීමෙන්. යේසුස් දින තුනකට පසු මරණින් උත්ථානවී පාපයටත්, මරණයටත් එරෙහිව ජයග්‍රහනය පෙන්විය (රෝම 6 : 4-5). ඇයි එසේ කලේ? යේසුස් එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙයි, “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15 : 13). යේසුස් මැරුණේ අපි ජීවත් වෙන පිණිසයි. අපගේ විශ්වාසය යේසුස් වෙත තබයි නම්, එතුමාගේ මරණය අපගේ පාපය වෙනුවෙන් බව විශ්වාස කරයි නම්, අපගේ සියලු පාප සෝදා සමාව ලැබෙයි. එවිට අපගේ ආත්මික බඩ ගින්න නිමාවෙයි. ආලෝකය පැමිණෙයි. සාර්ථක ජීවිතයකට දොරටුව විවෘත වෙයි. අපගේ මිතුරා සහ මඟ පෙන්වන එඬේරා හඳුනා ගත හැකි වෙයි. අපට මරණින් පසු ජීවිතයක් තිබේ. ස්වර්ගයේදී යේසුස් සමඟ ජීවත් වීමට නැවත නැගිටීමට හැකි වෙයි!

“දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

ඔබ කවදාවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගෙන තිබේද?

ඔබ කවදාවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගෙන තිබේද? උත්තර දීමට පෙර මට ප්‍රශ්නය පහදා දීමට අවශ්‍යයයි. නියම ලෙස ප්‍රශ්නය තේරුම්ගැනීමට නම්, පළමුව ඔබ හරි ලෙස තේරුම්ගැනීමට අවශ්‍යයයි, එනම්යේසුස් ක්‍රිස්තුස්, පෞද්ගලික සහ ගැලවුම්කාරයා.

කවුද මේ යේසුස් ක්‍රිස්තුස්? බොහෝ අය පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් නම් හොඳ මනුෂ්‍යයෙක්, උසස් ගුරුවරයෙක්, එපමණක් නොව දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘ වරයෙක් කියා. යේසුස් තුල මේ සියලු දෙයක්ම ඒ කාන්තයෙන්ම සත්‍යයක්, නමුත් ඔවුන් ඇත්තෙන්ම අර්ථ දක්වන්නේ නැහැ. ශුද්ධ බයිබලය අපට පෙන්වා දෙන අන්දමට යේසුස් නම්දෙවියන් වහන්සේ මාංශ ගතවී, මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහි උනා (යොහන් 1 : 1,14). දෙවියන් වහන්සේ ලොවට පැමිණියේ අපට ඉගැන්වීමට, සුව කිරීමට, අපව නිවැරුදි කිරීමට, අපට සමාව දීමට සහ අප වෙනුවෙන් මරණයට පත්වීමට. යේසුස් ක්‍රිස්තුස් නම් දෙවියන් වහන්සෙයි, මැවුම්කාරයා, ශ්‍රෙෂ්ඨ ස්වාමියා. ඔබ මේ යේසුස්ව පිළිගත්තාද?

කවුද මේ ගැලවුම්කාරයා? ඇයි අපට ගැලවුම්කාරයෙක් අවශ්‍ය? ශුද්ධ බයිබලය අපට පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම පව්කලෙමු, ඒ වගේම අපි සියල්ලෝම දුෂ්ට ක්‍රියාද කර ඇත (රෝම 3 : 10 – 18). අපගේ පාපයේ ප්‍රතිඵලය ලෙස අපි දෙවියන් වහන්සේගේ උදහසට සහ විනිශ්චයට සුදුසුයි. නමුත් අපරිමිත සහ සදාතන දෙවියන් වහන්සේට විරුද්ධව කල පව්වලට අපේ දඬුවම සීමාරහිතයි (රෝම 6 : 23, එළිදරව්20 : 11-15). එම නිසා තමයි අපට ගැලවුම්කාරයෙක් අවශ්‍ය!

යේසුස් ක්‍රිස්තුස් මෙලොවට ඇවිත් මැරූණේ අප වෙනුවෙන්. යේසුස්ගේ මරණය දෙවියන් වහන්සේගේ මාංශ ගතවීමයි. අපගේ පව්වලට අප්‍රමාණ කුලියක් ගෙවිවා (2 කොරින්ති 5 : 21). යේසුස් මැරුණේ අපේ පාපයට දඬුවමට ගෙවීමටයි (රෝම 5 : 8). යේසුස් අපගේ පව්වලට අපට උරුම කුලිය ගෙවා දැම්මා. යේසුස් මළවුන්ගෙන් නැවත නැගිටීමෙන් ඔප්පු කර පෙන්නුවා අපේ පාප වලට දඬුවම ප්‍රමාණ වත් බව. එම නිසා තමයි යේසුස් එකම ගැලවුම්කාරයා (යෝහන් 14 : 6, ක්‍රියා 4 : 12)! ඔබ විශ්වාස කරනවාද යේසුස් ඔබගේ ගැලවුම්කාරයා බව?

යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයාද? බොහෝ අයගේ මතය නම්ක්‍රිස්තියානි ආගම කියන්නේ පල්ලියකට හෝ සභාවකට යෑම, ආගමීක චාරිත්‍ර ක්‍රම කිරීම හෝ සමහර පව්නොකර සිටීම. ක්‍රිස්තියානි ආගම කියන්නේ එය නොවේ. සැබෑ ක්‍රිස්තියානි කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයයි. යේසුස් වහන්සේව ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට පිළිගන්නවා කියන්නේ, එතුමන් කෙරෙහි ඔබගේ පෞද්ගලික ඇදැහිල්ල සහ විශ්වාසය තැබීමයි. කිසිම කෙනෙක් අනුන්ගේ ඇදැහිල්ල නිසා ගැලවෙන්නේ නැත. සමහර ක්‍රියා අප කලා කියලා අපට සමාව නැත. ගැලවීමට ඇති එකම මාර්ගය නම්යේසුස් වහන්සේව අපගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගැනීමත්, යේසුස්ගේ මරණය අපගේ පාපයට මිලක් බව විශ්වාස කිරීමත්, එතුමන්ගේ මළවුන්ගෙන් නැගිටීම අපගේ සදාකාල ජීවනය සහතික කිටරීමත් (යොහන් 3 : 16) යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයාද?

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා සුදුසු යාච්ඤාවක් පහත දක්වයි. මෙම යාච්ඤාව හෝ වෙනයම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව්කල බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි.

මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?

සමාව යනු කුමක්ද? එය මට අවශ්‍යය වන්නේ ඇයි?

සමාව යනු සම්පූර්ණයෙන් ගල්ලෑල්ලක් පිස දැමීම වාගෙයි. ණයක් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. අපි යමෙකුට වරදක් කල විට අපි ඔහුගෙන් සමාව ලබාගෙන බිඳුණු සබන්ධතාවය නැවත නිවැරදි කර ගනිමු. සමාව දෙන්නේ කෙනෙකු එය ලැබීමට සුදුසු නිසා නොවෙයි. කිසිවෙක් සමාව ලැබීමට සුදුසු නැත. සමාව ප්‍රේමයේ, දයාවේ සහ කරුණාවේ අනුග්‍රහයේ ක්‍රියාවකි. සමාව යනු කෙනෙකු කල වරදට එරෙහිව ක්‍රියා නොකිරීමට ගන්නාවු තීරණයකි.

බයිබලය පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ සමාව අවශ්‍යයයි. අපි සියල්ලෝම පව් කලෙමු. (ධර්මදේශකයා 7 : 20) ප්‍රකාශකරනවා, පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයක් සැබවින්ම පොළොවෙහි නැත. (1 යොහාන් 1 : 8) පවසනවා, අපට පාපයක් නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමු. සත්‍යය ද අප තුල නැත. සියලු පාපය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමකි (ගීතාවලිය 51 : 4). ඒ හේතුවෙන් අපිට දෙවියන් වහන්සේගේ සමාව අවශ්‍යයයි. අපගේ පාප වලට සමාව නොලැබුනොත්, අපිට සදාකාල දඬුවමක් සහ උදහසත් අයිති වෙයි (මතෙව් 25 : 46, යොහන් 3 : 36).

සමාව – එය මා ලබාගන්නේ කෙසේද?

දෙවියන් වහන්සේ ප්‍රේමනීය අනුකම්පා සහගතවූ, අපගේ පාපයට සමාව දීමට කැමති නිසා ස්තුති කරමු. (2 පේත්‍රැස් 3 : 9) අපට දන්වනවා, ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන් වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන සේක. දෙවියන් වහන්සේ සමාව දීමට කැමති නිසා, අපිට සමාව දෙන සේක.

අපේ පාපයට සුදුසු දඬුවම මරණයයි. (රෝම 6 : 23) පළමු කොටසේ ප්‍රකාශ කරනවා, මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි. සදාකාල මරණය අප ලැබූ උරුමයයි. දෙවියන් වහන්සේගේ සැලසුම නිසා මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහිවුනා යේසුස් ක්‍රිස්තුස් ලෙස (යොහන් 1 : 1, 14) යේසුස් කුරුසියේ මැරුණේ අපේ පාපයේ දඬුවම නිසයි. (2 කොරින්ති 5 : 21) අපට කියා දෙනවා, අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදන්නාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක. යේසුස් කුරුසියේ මැරුණා අපේ දඬුවම වෙනුවෙන්. යේසුස්ගේ මරණය නිසා මුලු ලෝකයේ පාපය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සමාව ලැබුණා. (1 යොහන් 2 : 2) ප්‍රකාශ කරනවා, උන් වහන්සේ අපේ පව් උදෙසා ශාන්ති කර පූජාවය, අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. යේසුස් වහන්සේ මරණයෙන් නැවත නැගිට පාපයටත් මරණයටත් එරෙහි ජයග්‍රහනය ප්‍රකාශ කලා (1 කොරින්ති 15 : 1 : 28) යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයත් නැවත නැගිටීමත් ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා! (රෝම 6 : 23) දෙවන කොටසේ ප්‍රකාශ කරනවා, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය.

ඔබට ඔබගේ පාපයට සමාව ලැබීමට අවශ්‍යයද? පාපයෙන් බේරීමට හා මිදීමට බැරි අපහසුතාවයක් ඔබ තුල තිබේද? යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරු ලෙස පිලිගන්නේ නම් සමාව ඔබට තිබේ. (එපීස 1 : 7) අපට කියනවා, ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ, උන් වහන්සේගේ කරුණාවේ සමිපතේ ප්‍රකාරයට, උන් වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව අපට ඇත්තේය. යේසුස් අපගේ නය ගෙවා අපට එමගින් සමාව දුන්නා. ඔබ කල යුත්තේ යේසුස් නිසා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලීම පමණයි. යේසුස් මැරුණේ ඔබගේ සමාව උදෙසා වන්දියක් ලෙස බව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන සේක. (යොහන් 3 : 16 : 17) ඇතුළත් වෙනවා මෙම ආශ්චර්යවත් පණිවිඩය, මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහ ගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

සමාව එතරම් පහසුද?

ඔව් එතරම් පහසුයි. සමාව උපදවා ගත නොහැක. සමාව වෙනුවෙන් ගෙවීමටද නොහැක. නමුත් ඔබට එය ලබාගත හැකියි. විශ්වාසයෙන්, දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව නිසා ඔබට එය ලබාගත හැක. ඒ සඳහා ඔබට උපකාරක යාච්ඤාවක් පහත දැක්වේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්!