මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?

ක්‍ෂනික ආහාර ආපන ශාලා ආහාර ලබා ගැනීමට ආකර්ෂනීය ලෙස අපව පොළබවයි. සමහර ආපන ශාලා වල විවිධ ආහාර වර්ග තිබෙන බව දැන්වීමි මගින් පෙන්වා දෙයි. නිවාස, වාහන මිලදී ගැනීමේදීද එසේමය, අපේ කැමැත්ත පරිදි සෑම අංගයක්ම තිබෙන එකක් ගැනීමට පුලුවන්. අපි තවත් ජීවත් වන්නේ චොකලටි, වැනිලා හෝ ස්ට්‍රෝබෙරි ලෝකයක නොවේ. මනාපය නම් රජ කෙනෙක්! ඔබගේ පෞද්ගලික කැමැත්ත හා ඕනෑ එපා කම් පරිදි ඔබට ඕනම දෙයක් සොයා ගැනීමට පුලුවන.

එසේ නම් ඔබට හරියටම නිවැරදි ආගම කුමක්ද? කොහොමද සාවද්‍යයෙන් නිදහස්, අභියෝග ඇති නොකරන, කරදර කාරී බාධා වලින් තොර ආගමක්? මම ඔබට විස්තර කල පරිදි ප්‍රියතම රසය ඇති අයිස් ක්‍රීම් එකක් වගේ ආගමද තෝරා ගත යුතුයි.

අපගේ අවධානය ලබා ගැනීම සඳහා අපගේ සමාජයේ බොහෝ හඬවල් තරඟයේ නිරත වෙනවා. එම නිසා කිසිවකු ක්‍රිස්තුස් වහන්සේව තෝරා ගත යුතුද නැති නම් මොහොමඩි තුමා, කොන්ෆියූෂස් තුමා, බුදු රජාණන් වහන්සේද, එසේත් නැති නම් චාල්ස් ටාස් රසල්ද නැති නම් ජෝසප් ස්මිත්ද කියා අප අවධානය යොමු කළ යුතුය. ඒ නිසා මේ සියළුම මාර්ගයන් මඟ පෙන්වන්නේ ස්වර්ගය කරා නොවේද? මූලික වශයෙන් ගත් කල මේ සියළුම ආගම් එක හා සමාන නොවේද? සත්‍ය නම් සියළුම ආගම් ස්වර්ගය වෙත අප කැඳවාගෙන යන්නේ නැත.

යේසුස් තනිවම මරණයෙන් ජය ගත්තාසේ, යේසුස් එකලාව කථා කලේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය බලයෙන්ය. මොහොමඩි තුමා, කොන්ෆියූෂස් තුමා සහ අනිත් අයද ඔවුන්ගේ සොහොනවල් වල තැන්පත් කලා, නමුත් යේසුස්, එතුමාගේ ස්වකීය බලය කරණකොට, කුරීරු රෝම කුරුසියේ උකුත්වී දින තුනකට පසු සොහොන් ගෙය තුළින් ඉවතට ඇවිදගෙන පැමිණියා. මරණයට චඩා බලය ඇති කෙනෙක් අපේ අවධානයට සුදුසුයි. මරණයට වඩා බලය ඇති කිසිවෙක් ගැන ඇහුම්කම් දීමටද සුදුසුයි.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සදහා ඇති පැහැදිලි සාක්ෂි සම්පූර්ණයෙන් යට කර දමන්නට, ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සඳහා ඇසින් දුටු සාක්ෂි කරුවන් පන්සියයකට වඩා සිටියා. පන්සියයකට වඩා වැඩි හඬවල් ගණනක් නොසලකා හැරීමට නොහැකියි. හිස්වූ සොහොන සම්බන්ධයෙන්ද සැලකිය යුතු කරුණක් තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන්ට උන් වහන්සේගේ මිය ගිය, දිරා පත්වන සිරුර ගෙන හැර දක්වමින්, උන් වහන්සේගේ උත්ථානය පිළිබඳව සියලු කථා බහ නවත්වන්න තිබුනා, එහෙත් ඔවුනට ගෙන හැර දැක්වීමට එතැන මළ සිරුරක් තිබුණේ නැත. සොහොන හිස්ව තිබුණා. උන් වහන්සේගේ ගෝලයන්ට උන් වහන්සේගේ මළ සිරුර සොරා ගන්නට හැකි වුනාද? අමාරු, අපහසු කටයුත්තක්! එසේවීම වැලැක්වීම සඳහා යේසුස් වහන්සේ සිටි සොහොන අවි ආයුධ සන්නද්ධ සොල්දාදුවන් විසින් දැඩි ලෙස මුර කරනු ලැබුවා. උන් වහන්සේගේ සමීපතම අනුගාමිකයන් ගැන සලකා බලන කළ උන් වහන්සේව අල්ලා ගන්නා අවස්ථාවේදී හා උන් වහන්සේගේ කුරුස පත් වීමේදී ඔවුන් බියෙන් පලා ගියහ. රෙදි කඩමළු වැනි එල්ලා වැටෙන මාදිලියේ බිය ගුළු මසුන් අල්ලන්නන් වෘත්තිමය ලෙස හොඳින් පුහුණු වුණු සොල්දාදුවන්ට එරෙහිව මුහුන දීමට යයි කියා කෙසේවත් විය හැකි යයි සිතීමට බැරි කරුණකි. සරල වශයෙන්ම කිව හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය පැහැදිලි ලෙස බැහැර කළ නොහැකි බවය.

නැවත් මරණයට වඩා බලය ඇති කෙනෙක් ගැන ඇහුම්කම් දීමට සුදුසුය. යේසුස් සනාථ කලා මරණයට වඩා එතුමාගේ බලය වැඩි බව, එම නිසා එතුමා ප්‍රකාශ කරන දෙයට අපි ඇහුම්කම් දිය යුතුය. ගැලවීමට මඟ යේසුස් පමණයි (යොහන් 14 : 6). එසේද යේසුස් පමණයි මාර්ගය.

මේ යේසුස් වහන්සේම මෙසේ පැවසූ සේක, “වෙහෙසවෙන්නාවු, බර උසුලන්නාවු සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (මතෙවි 11 : 28). මේ බැරැරුම් ලෝකයේ ජීවිතය ඉතා දුෂ්කරයි. අපි බොහෝ දෙනා නොයෙක් විට කෝප වී, තැලෙමින්, ජීවිතය හා පොර බදමින් කලැල් ඇති කර ගන්නවා නොවේද? එයට ඔබ එකඟද? එම නිසා ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද? ඔබගේ ජීවිතය නැවත නඟා සිටුවීමද? එසෙත් නැති නම් නිකම් හුදු ආගමක් පමණද? ජීවමාන ගැලවුම්කරුවකුද නැති නම් මිය ගිය දිවැසිවරු රැසක්ද? සැබෑ අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමද? (යේසු තුමන් සමඟ) නැති නම් හිස්වූ ආගමික පුද පූජා පැවැත්වීමද? ක්‍රිස්තුස් වහන්සේ වනාහි තේරිම් අතරින් ඔබට කළ හැකි එක් තෝරා ගැනීමක් නොව, උන් වහන්සේ වනාහි ඔබ කළ යුතු ඔබට කළ හැකි අනර්ඝම තෝරා ගැනීම වේ.

ඔබ ක්ෂමාව බලාපොරොත්තු වෙනවා නම් නිවැරදි “ආගම” යේසුස් (ක්‍රියා 10 : 43). ඔබ දෙවියන් වහන්සේ සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙනවා නම් නිවැරදි “ආගම” යේසුස් (යොහන් 10 : 10). ඔබ ස්වර්ග රාජ්‍යයේ සාදකාලික නිවස බලාපොරොත්තු වෙනවා නම් නිවැරදි “ආගම” යේසුස් (යොහන් 13 : 16). ඔබගේ ගැලවුම්කාරයා හැටියට ඔබ යේසුස් තුළ ඇදහිල්ල තබන්න – ඔබ පසුතැවිලි වෙන්නේද නැත! ඔබගේ පාප වලට ක්ෂමාව සඳහා එතුමන් තුළ විශ්වාසය තබන්න – ඔබ කලකිරෙන්නේද නැත!

ඔබට දෙවියන් වහන්සේ සමඟ “නිවැරදි සම්බන්ධතාවයක්” උවමනා නම් මෙන්න ආදර්ශ යාච්ඤාවක්. මෙම යාච්ඤාව හෝ වෙනයම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව්කල බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රැගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි.

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාර

  • JesusFuckMaria  On සැප්තැම්බර් 4, 2011 at 1:53 ප.ව.

    අනේ අම්මට නොහුක පලයන් වේසාවුනේ පොන්න බ්ලොග් වේසා හැත්ත

    • NISHAN  On ඔක්තෝබර් 26, 2012 at 8:00 ප.ව.

      “ක්රිස්තියානි” ඉහිරුනු කිරට හඩන අරුත ඈත. ඉතින් ජෙසුස් තවමත් අදහනවනම් උබලගෙ අම්මව සහොදරිව ගෑනිව කවුරු හරි පාපතරයෙක් දුශනය කලොත් පොලිසියට පමිනිලි නොකර උටම දිලා දාපන් මොකද සියල්ල සිදුවන්නේ දෙවියන් ගේ කෑමත්තට කියලා උබලා අදහන නිසා

      ගොඩක් ලියලා මහන්සිවෙලා තියෙන නිසා කියන්නේ පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නාපන් ශුක්රරානු ඩිම්බ එක්නොවිමකින් කලලයක් ඈතිවෙන්නෙ කොහොමද උබලගෙ විවහ නොවුනු සහොදරියක් හදිස්සියේ ගෑබ් ගත්තොත් උබ රටින් පිට ඉන්න විට බිරිද ගෑබ්ගත්තොත් එ වෑඩෙ කරපු එකා ගෑන හොයන්නේ නෑතිව මල් තියලා වෑදපන් ජෙසුස් ගේ දෙවන පෑමිනිම කියලා යකො මුලත් අවුල් මෑදත් අවුල් අගත් අවුල් උබලාගේ ආගම

  • thiras  On මැයි 18, 2012 at 7:53 පෙ.ව.

    ජෙසුස් වහස්සේ ඇන ගලවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: