Author Archives: Dinesh

ඔබ කිතුනුවකු වීමට සූදානම්ද?

ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා හැටියට පිළිගෙන කිතුනුවකු වීමට ඔබ සූදානම් නම්, ඔබ කළ යුතු දේ නම් විශ්වාස කිරීමයි. ඔබ තේරුම් ගෙන හා පිළිගෙන තිබෙනවාද ඔබ පව් කර දෙවියන් වහන්සේගේ විනිශ්චයට සුදුස්සෙක් බවට? ඔබ තේරුම් ගෙන පිළිගෙන තිබෙනවාද යේසුස් වහන්සේ ඔබගේ දඬුවම උන් වහන්සේ පිටට ගත බවට, ඔබ වෙනුවෙන් මිය යෑම? මෙම ප්‍රශ්න තුනට ඔබගේ පිළිතුර ඔව් නම්, ඔබගේ ඇදහිල්ල ඔබගේ ගැලවුම්කාරවූ ක්‍රිස්තුස් වහන්සේ මත තබන්න. උන් වහන්සේව පිළිගන්න, ඇදහිල්ලෙන්, උන් වහන්සේව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීමත්, කිතුනුවකු වීමට අවශ්‍ය වන්නේ එපමණයි.

 

මම කිතුනුවකු වන්නේ කෙසේද?

මෙය හොඳම කොටසයි. උන් වහන්සේ අප උදෙසා දක්වන ආදරය නිසා දෙවියන් වහන්සේ අපට කිතුනුවකු වීම ඉතා සරළ දෙයක් ලෙසට විවෘතව තබා ඇත. ඔබ කළ යුතු දෙය නම් යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගැනීමයි, උන් වහන්සේගේ මරණය ඔබගේ පාපයට ප්‍රමාණවත් පූජාව බවට සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමයි (යොහන් 3:16), සම්පූර්ණයෙන් උන් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා හැටියට පිළිගැනීම (යොහන් 14:6; ක්‍රියා 4:12). කිතුනුවෙකු වීම සභාවට යෑම එසේත් නැත්නම් සමහර දේවල් වලින් වැලකෙමින් තවත් සමහර යහපත් දේ කිරීමම නොවේ. කිතුනුවකු වීම නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ක්‍රිස්තුස් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවය, ඇදහිල්ල කරණකොටගෙන මනුෂ්‍යකු කිතුනුවකු වීම එයයි.

මම කිතුනුවකු විය යුත්තේ ඇයි?

යේසුස් වහන්සේ පැවසුවා උන් වහන්සේ “මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්නට ආයේයයි කීසේක” (මාර්ක් 10:45). එවිට පැන නැගෙන ප්‍රශ්නය නම් අප වෙනුවෙන් වන්දියක් අවශ්‍ය වන්නේ ඇයි? යන්නයි. වන්දිය යනු අදහස් කරන්නේ මනුෂ්‍යකු නිදහස් කර ගැනීම අතර හුවමාරුවකටයි. බොහෝ විට මේ වන්දිය යන්න පාවිච්චි කරන්නේ පැහැර ගැනීම් වලදී. යම් කෙනෙකුව පැහැරගෙන සිරකරගෙන සිටිනවා නියමිත වන්දිය ගෙවන තුරු ඔහුව නිදහස් කිරීමට.

අපව වහල් බවින් (බැඳුම් වලින්) මිදීමට යේසුස් වහන්සේ වන්දියක් ගෙව්වා. කුමන වහල් බවින්ද? පාපයේ හා එහි විපාක වල වහල් බවින්, ශාරීරික මරණය පැමිණියේ දෙවියන් වහන්සේගෙන් සදාකාල වෙන්වීමත් සමගය. යේසුස් වහන්සේ මෙම වන්දිය ගෙවීමට අවශ්‍ය උනේ ඇයි? මන්ද අප සියලු දෙනාටම පාපය නමැති බීජය බලපා ඇති නිසා (රෝම 3:23), එම හේතුව නිසා දෙවියන් වහන්සේගෙන් විනිශ්චය ලැබීමට සුදුස්සෝ විය (රෝම 6:23). අපගේ වන්දිය යේසුස් වහන්සේ ගෙව්වේ කෙසේද? අපගේ පාපයේ කුලිය ගෙවීම උදෙසා කුරුසියේ තම ජීවිතය පිදීමෙන් (1 කොරින්ති 15:3; 2 කොරින්ති 5:21). යේසුස් වහන්සේගේ මරණය සියලු දෙනාගේ පාපයට ප්‍රමාණවත් වන්නේ කෙසේද? යේසුස් වහන්සේ නම් මිනිස් වෙසක් ගත් දෙවියන් වහන්සේමය, දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණියා අපගෙන් කෙනෙකු වී අප සමග හඳුනාගන්නා පිණිසත් අපගේ පාප උදෙසා මිය යෑමටත් (යොහන් 1:1,14). දෙවියන් වහන්සේ ලෙස, යේසුස් වහන්සේගේ මරණය අද්විතීය (අප්‍රමාණ) අගයක් ගෙන දුන්නා, සකල ලෝකයේම පාපයට වන්දියක් ලෙසට ප්‍රමාණ වත් විය (1 යොහන් 2:2). යේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය, උන් වහන්සේගේ මරණය ප්‍රමාණවත් සියලු දෙනාගේ පාපයට වන්දිය ලෙසට යන්න ස්ථීර කිරීමට. උන් වහන්සේ සැබවින්ම මරණයත් පාපයත් පරාජය කරන ලදි.

මම කිතුනුවකු වන්නේ කෙසේද?

කිතුනුවකු වීමේ පළමු පියවර නම් “කිතුනුවා” යන්නෙහි අර්ථය දැන ගැනීමයි. එහි මූලාරම්භය “කිතුනුවා” යන්නෙහි අන්තියෝකි නගරයේ පළමු ශත වර්ෂයේ ක්‍රි. ව. (ක්‍රියා 11:26 බලන්න). අපට ඉතා පැහැදිලි වන කරුණ නම් ක්‍රිස්තියානි යන වචනය පළමුව භාවිතා කළේ අපහස කිරීමටයි. එම වචනයේ තේරුම වන්නේ “කුඩා ක්‍රිස්තුස්” යන්නයි. කෙසේ වෙතත් ශත වර්ෂ තුලදී ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ තමන් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරනවා යන්න හඟවාදීමට “ක්‍රිස්තියානි” යන නාමය තමන්ට ආදේශ කර ගැනුනි. කිතුනුවා යන්නෙහි සරළ විග්‍රහය නම් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නා.

ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?

ඔබ ඒකාන්තයෙන්ම දන්නවාද ඔබට සදාකාලික ජීවනයක් තිබෙන බව හා මිය ගිය විට ස්වර්ගයට යන බව? දෙවියන් වහන්සේ ඔබට නිසැකයෙන්ම කියා සිටිනවා! ශුද්ධ බයිබලය ප්‍රකාශ කරන පරිදි, “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැන ගන්නා පිණිසය” (1 යොහන් 5 : 13). සිතන්න මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරි පිට සිටගෙන සිටින බව, එවිට උන් වහන්සේ ඔබගෙන් විමසනවා, “ඇයි මම ඔබට ස්වර්ගයට යන්න අවසර දෙන්නේ කියා?” ඔබ මොනවද පවසන්නේ? (ඔබට කියන්නට ඇති දේ මොනවාද?). ඔබට මොන පිළිතුරක් දෙන්නද කියා සිතා ගැනීමට අපහසුයි. ඔබ දැන ගැනීමට අවශ්‍යයි දෙවියන් වහන්සේ අපිට මොන තරම් ප්‍රේමය (ආදරය) දක්වනවාද හා නිසැකවම සදාකාලිකත්වය සඳහා අපට සපයා ඇති මාර්ගය ගැන. ශුද්ධ බයිබලය ප්‍රකාශ කරනවා මේ මග, “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

අපි පළමුව තේරුම් ගන්නට (වටහාගන්නට) අවශ්‍යයි අප ස්වර්ගය වෙතින් ඈත් කර ඇති ගැටළුව කුමක්ද කියා. ගැටළුව නම් මෙයයි – අපේ පාපකාරී ස්වරූපය (ස්වභාවය) නිසා අප දෙවියන් වහන්සේ සමඟ ඇති සම්බන්ධයෙන් ඈත්වීමයි. අපි සියලු දෙනාම පව්කාරයන් ස්වභාව ධර්මයෙන් හා අභිමතය කරණකොටගෙන. “මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3 : 23). අපට අපිවම ගලවා ගැනීමට අපහසුයි. “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ” (එපීස 2 : 8-9). අපි මරණයට සහ නිරයට සුදුසුයි. “මක්නිසාද පාපයේ කුලී නම් මරණයය” (රෝම 6 : 23).

දෙවියන් වහන්සේ ශුද්ධයි, සාධාරණයි පාපයට දඬුවම්කරන සුලුයි, නමුත් එතුමා අපට ආදරෙයි, දයාවන්තයි අපේ පාපවලට ක්ෂමාව සලසනවා. යේසුස් ඔබට කියන සේක, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14 : 6). යේසුස් අප වෙනුවෙන් කුරුසිය මත මරණයට පත් උනා: “මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධ වින්ද සේක” (1 පේත්‍රැස් 3 : 18). යේසුස් මළවුන්ගෙන් නැගිටවනු ලැබුවා: “උන් වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූ සේක” (රෝම 4 : 25).

එබැවින් නැවත මුල් ප්‍රශ්නයට යමු – “මා මිය ගිය විට ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?” පිළිතුර නම් මෙයයි – ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, ඔබ ගලවනු ලබයි (ක්‍රියා 16 : 31). “නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක” (යොහන් 1 : 12). ඔබට සදාකාලික ජීවනය නොමිලේ තෑග්ගක් ලෙස ලබා ගන්නට පුලූවන. “නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය” (රෝම 6 : 23). ඔබට දැන් නිවැරදි සාර්ථක සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නට පුළුවන. යේසුස් ඔබට කියන සේක, “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය” (යොහන් 10 : 10). යේසුස් පොරොන්දුවූ පරිදි ඔබට සදාකාලික ජීවනයක් එතුමන් සමඟ ගත කිරීමට පුලුවන්: “මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළ කරමි නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි” (යොහන් 14 : 3).

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කාරයා ලෙස පිළිගෙන දෙවියන් වහන්සේගෙන් ක්ෂමාව ලබා ගැනීමට අවශ්‍ය නම්, මෙන්න යැදීම සඳහා යාච්ඤාවක්. මෙම යාච්ඤාව හෝ වෙන යම්යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගැලවෙන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කිරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

ශුද්ධ දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම්ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රැගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි.