කිතුණුවකු යනු කව්ද?

වෙබිස්ටර් අකාරාදියේ (ශබිදකෝෂයේ) කිතුණුවකු හඳුන්වන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ලෙස අදහාගත්තාවූ හෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීම මත පදනම්වූ ආගම අදහන පුද්ගලයෙකු ලෙසය. කිතුණුවකු කව්ද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙම නිර්වචනය හොඳ ආරමිභයක් වුවද අන් බොහෝ ලෞකික අර්ථ කථනයන් මෙන් මෙයද “සැබෑ කිතුණුවකු වීම කිමෙක්ද” යන්න පිළිබඳව ශුද්ධ බයිබලීය සත්‍යය අනූන ලෙස සංනිවේදනය කරන බව පෙනේ. 

කිතුණුවා යන පදය නව ගිවිසුමේ (ක්‍රියා 11: 26, ක්‍රියා 26 : 28, 1 පේත්‍රුස් 4 : 16) තෙවරක් සඳහන් වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්(ශ්‍රාවකයන්)ප්‍රථම වරට “කිතුණුවන්” ලෙස හැඳින්වූයේ අන්තියෝකියේ දීය (ක්‍රියා 11 : 26) එසේ කරන ලද්දේ ඔවුන්ගේ හැසිරීම, ක්‍රියා කාර කම් සහ කථනය බොහෝ දුරට ක්‍රිස්තුස් වහන්සේට සමාන වූ හෙයිනි. අන්තියෝකියේ නොඇදහිලිවතුන් විසින් ප්‍රථමයෙන් භාවිතා කරනු ලැබුවේ කිතුණුවන් හාස්‍යයට ලක් කරමින් විකට නාමයක් ලෙසිනි. වචනානු සාරයෙන් එහි අර්ථය වුයේ ක්‍රිස්තුස් වහන්සේගේ පක්‍ෂයට අයත් හෝ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් යනුයි. වෙබිස්ටර් අකරාදියේ (ශබිදකෝෂයේ) අර්ථයට මෙය බෙහෙවින් සමානය. 

අභාග්‍යයකට මෙන් කාලයාගේ ඇවෑමෙන් “කිතුණුවා” යන පදයේ වැදගත් කම බෙහෙවින් හීනවී ගොස් දැන් බොහෝ විට භාවිතා කරනු ලබන්නේ ආගමික හෝ උසස් අධ්‍යාත්මික ගුණාංගයෙන් හෙබි අයකුට විනා නව උත්පාදනය ලැබූ සැබෑ කිතුණු අනුගාමිකයකු සඳහා නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සැබෑ ලෙස නොඅදහන විශ්වාස නොකරන බොහෝ අය කිතුණුවන් ලෙස හඳුන්වනු ලබන්නේ ඔවුන් දේවස්ථාන කරා යන නිසා හෝ කිතුණු දේශයක වසන නිසාය. එහෙත් දේවස්ථානයට යෑමවත්, තමන්ට වඩා අභාග්‍ය සමිපන්න අයට සේවය කිරීමවත්, යහපත් පුද්ගලයෙකු වීමවත් ඔබව සැබෑ කිතුණුවකු නොකරයි. එක් එවැන්ජලිස්ත වරයකු (ක්‍රිස්තු ධර්ම ප්‍රචාරකයෙක්) ප්‍රකාශ කළ පරිදි යම්අයකු වාහනයක් සෑදීම සඳහා නොනවත්වා ගරාජයකට යෑම මෙන් දේවස්ථානයට යෑම ඔහු කිතුණුවකු ද නොවන්නේය කියා. දේවස්ථානයේ සාමාජිකයකු වීමත්, දේව මෙහෙයට නිතිපතා යෑමත්, සභාවේ වැඩ උදෙසා දායක වීමත් ඔබ සැබෑ කිතුණුවකු නොකරයි. 

ශුද්ධ බයිබලය අපට උගන්වන පරිදි අප කරන යහපත් ක්‍රියා කරණකොටගෙන පමණක් දෙවියන් වහන්සේ අපව පිළිගන්නේ නැත. තීතස් 3 : 5 අපට ප්‍රකාශ කරනවා “අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨ කමේ ක්‍රියා වලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්ම යාණන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන් වහන්සේ අප ගැළවූ සේක”. එම නිසා කිතුණුවා යනු දෙවියන් වහන්සේ විසින් නැවත උත්පාදනය කරන ලද (යොහන් 3 : 3, 3 : 7, 1 පේත්‍රැස් 1 : 23) තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබූ අයකි. එපීස 2 : 8 අපට ප්‍රකාශ කරනවා “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය”. සැබෑ කිතුණුවකු යනු තම පව් ගැන පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් තම ඇදහිල්ල තැබූ අයෙකි. ඔවුන්ගේ විශ්වාසය වූ කලී, ආගමක් අනුගමනය කරීමවත්, සදාචාර නීති මාලාවක් පිළිපැදීමවත්, ක්‍රියාත්මක කළ හැකි / නොහැකි ලේඛනයක් මතවත් පදනම්කරගෙන නොවේ. 

සැබෑ කිතුණුවකු යනු තම විශ්වාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබුවවූද, පාපයේ මිලය වෙනුවෙන් උන් වහන්සේ කුරුසිය මත පූජාවී මරණය ජය ගෙන තුන්වෙනි දින ජයග්‍රාහිකව නැවත උත්ථානයවී, උන් වහන්සේ අදහන සියල්ලන්ට සදාකාල ජීවනය ලබා දෙන්නාවු සත්‍යය විශ්වාස කරන අයෙකි. යොහන් 1:12 අපට ප්‍රකාශ කරනවා “යම්පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම්උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක”. සැබෑ කිතුණුවකු යනු සැබවින්ම දේව දරුවකු වන අතර, දෙවියන් වහන්සේගේ සැබෑ පවුලට සමිබන්ධ වීමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේට තම අලුත් ජීවිතය කැප කිරීමෙන්ය. දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවකුගේ ලක්‍ෂණය වන්නේ අන්‍යයන් උදෙසා ප්‍රේමය දැක්වීමත්, දේව වචනයට කීකරු වීමත්ය (1 යොහන් 2 : 4, 1 යොහන් 2 : 10).

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාර

  • Roshan  On සැප්තැම්බර් 7, 2011 at 9:52 පෙ.ව.

    යකෝ යේසුස් කියන්නේ අවජතකයේක්

  • sasasa  On පෙබරවාරි 27, 2012 at 2:48 ප.ව.

    කිතුනුවා යනු පොන්නයෙකි

  • kරතයේ ජේසු  On මාර්තු 2, 2012 at 3:21 පෙ.ව.

    කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් ‍මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
    තව අවැසිනම්.
    තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
    මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
    මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
    ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: